කොලොසියම් - රෝමය
ලොව පුදුම හතෙන්, හත්වෙනි ස්ථානයෙහි තිබෙන්නේ රෝමයේ නගර මධ්‍යයේ ඇති කොලොසියමයි (Colosseum in Rome). මෙම නිර්මාණය ක්‍රි.ව 72 දී වෙස්පියන් අධිරාජ්‍යයා විසින් ඉදිකිරිම ආරම්භ කර මෙහි ඉදිකිරීම් ක්‍රි.ව 80දී වැඩ අවසන් කරන ලද්දේ වෙස්පියන් අධිරාජ්‍යයගේ අනුප්‍රාප්තිකයා වූ ටයිටස් විසිනි.
මෙය ඕවලාකාර රංග ශාලාවක් වන අතර මෙය වැලි සහ සිමෙන්ති යොදාගෙන නිර්මාණය කර තිබෙනවා. පසු කාලීනව ෆ්ලෙවියන් රාජ්‍ය වංශිකයෙකු වූ ඩොමිශියන් විසින් නවීකරණය කර ඇත.
මෙහි ප්‍රේක්ෂකයන් 80,000 කට පමණ ඉඩපහසුකම් ඇති ඇති දැවැන්ත නිර්මාණයකි. මෙහි සුප්‍රසිද්ධ සටන් සහ නාට්‍ය රඟ දක්වා තිබෙනවා. දැනට මෙය රෝමයේ ඉතා ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති අතර මෙය ශ්‍රේෂ්ඨ රෝම ඉතිහාසයේ සලකුණක් ද වනවා.
#7Wonders ThePapare Life