ICC Fan Parks වැඩසටහන පසුගිය පෙබරවාරි මස 08 වන දා සිට මාර්තු මස 08 වන දා දක්වා මාසයක් පුරාවට 2026 විස්සයි විස්ස පිරිමි ලෝක කුසලානයට සමඟාමීව දිවයිනේ විවිධ ප්‍රදේශ වලදී සංවිධානය කෙරුණි. එහිදී ක්‍රීඩාංගණයකට ගොස් තරඟ නැරඹීමට නොහැකි ප්‍රෙක්ෂකයන් හට පුළුල් තිර මඟින් ශ්‍රී ලංකාව සහභාගී වූ සෑම තරගයක්ම සහ මෙවර ලෝක කුසලානයේ අවසාන මහා තරඟය ද නැරඹීමේ අවස්ථාව හිමි විය. තරඟ නරඹන අතරතුර විවිධ ආහාර පාන ගණනාවක රස බැලීමටත්, විවිධ විනෝද ක්‍රීඩා රැසකට සහභාගී වීමටත් ප්‍රේක්ෂකයන් හට ICC Fan Parks තුළදී අවස්ථාව උදා විය.
#ThePapare #DialogAxiata#iccfanpark#2026t20worldcup
#FanEngagement #ExperientialMarketing #SportsMarketing #SriLanka